News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
28

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්‌ අද පාර්ලිමේන්තු සංකීරණයේදී

558 Views


පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්‌ අද පාර්ලිමේන්තු සංකීරණයේදී

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්‌ අද පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ, කතානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

එම සාකච්ඡාවට පළාත් සභා සීමා නිර්ණ අනුකමිටු නියෝජිතයින්, මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හා දේශපාලන පක්ෂ නියෝජිතයින් සහභාගීවීමට නියමිතයි.

අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ‍්‍රී රත්නායක මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ පළාත් සභා සීමා නිර්ණය කමිටුව මගින් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට භාරදී ඇති වාර්තාව සම්බන්ධ ගත යුතු ඉදිරි පියවර පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි. පළාත් සභා මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කලා.

මේ අතර විවි‍ධ වැරදිවලට හසුවු පුද්ගලයන් 37 ‍දෙනකුගේ නම් ඡන්ද හිමි නාම ලේ‍‍ඛන වලින් ඉවත් කිරිමට ජාතික මැතිවර‍ණ කොමිසම කටයුතු කර තිබෙනවා. එම කොමිසම සදහන් කලේ මෙම පිරිස විවිධ වැරදිවලට සිර දඬුවම් විදින්නන් බවයි. ඔවුන්ගෙන් වැඩිම පිරිසක් අනුරා‍ධපුර දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වන අතර එම පුද්ගලයන් සංඛ්‍යාව 31 ක්.

මීට අමතරව ත‍්‍රිකුණාමලය සහ කුරුණෑගල යන දිස්ත‍්‍රික්ක වල පුද්ගලයන් කිහිපදෙනෙකුද ඡන්ද හිමි නාම ලේ‍‍ඛන වලින් එලෙස ඉවත් කර තිබෙනවා. මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කලේ ඒ අතර පොලිස් නිලධාරීන් තුන්දෙනකුද ඇතුලත් වන බවයි.

SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe

 


News Articles
Latest Videos
Most Popular Post