මෙරට වීසා ක‍්‍රමය ඉදිරි මාස කිහිපයේදී වෙනස් කිරීමට කටයුතු යොදා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී එහි පාලක එම්.එන්.රණසිංහ මහතා කියා සිටියේ වීසා ගාස්තු සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඊට අදාල නව රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් ඉදිරියේ දී නිකුත් කරන බව ද පාලකවරයා එහිදී සදහන් කලා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ නව රෙගුලාසි නීතිපතිවරයාගේ අනුමැතියට යවා ඇති බවයි.
මේ අතර විදේශ රටවල පුරවැසිභාවය ගෙන සිටි ශ‍්‍රි ලාංකිකයන් 35,000 කට පමණ රජය පසුගිය වසර තුනේදී ද්විත්ව පුරවැසිභාවය දී තිබෙනවා. .2017 වසරේ පමණක් ද්විත්ව පුරවැසිභාවය ලබා දී ඇති ශ‍්‍රි ලාංකිකයන් සංඛයාව 12,000 ක්
මෙරට පුරවැසියන්ට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබූවේ 2015 වසරේ මාර්තු මාසයේදීයී.
SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe