විද්‍යුත් තැපෑල භාවිතා කරමින් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා සිදු කිරීමේ සිදුවීම් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව පරිඝණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසනවා. එහි ජේ්‍ය්ෂඨ උපදේශක රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ ඒ හේතුවෙන් දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන් සමග ගණුදෙනු සිදු කරන පුද්ගලයන් ආරක්ෂාකාරී විය යුතු බවයි.
අන්තර් ජාල මගින් ව්‍යාපාරික කටයුතු හෝ වෙනත් අන්තර් පුද්ගල සබදතා පවත්වා ගෙන යාමේදී ඊ මේල් ලිපින තහවුරු කර ගැනීමට සුපරික්ෂාකරී විය යුතු බව ඔහු පෙන්වා දෙනවා. මේ අතර වසරේ ගත වූ මාස 5 ක කාලය තල පරිඝණක හදිසි ප‍්‍රතිචාර සංසදය වෙත සමාජ ජාලා වෙබ් අඩවි සම්බන්ධයෙන් පැමිණිලි 1,100 ක් ලැබී තිබෙනවා.
ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන්. ඒ හේතුවෙන් සමාජ මාධ්‍ය පරිහරණයේදී ආරක්ෂාකාරී විය යුතු අතර සිය මිතුරු හවුල සදහා පුද්ගලික වශයෙන් හදුනන පුද්ගලයන් පමණක් එක් කර ගැනීමෙන් ආරක්ෂිත විය හැකියි.
SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe