News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

තායිලන්තයේ තැම් ලූවෑන්ග් ගුහා සංකීර්ණයේ අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් නතර කිරීමට තායිලන්ත නාවික හමුදාව තීරණය කරයි.

1430 Views


තායිලන්තයේ තැම් ලූවෑන්ග් ගුහා සංකීර්ණයේ අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් නතර කිරීමට තායිලන්ත නාවික හමුදාව තීරණය කරයි.

තායිලන්තයේ තැම් ලූවෑන්ග් ගුහා සංකීර්ණයේ සිරවී සිටින පාපන්දු ක‍්‍රීඩා කණ්ඩායමක දරුවන් 12දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරු සොයා සිදු කළ මෙහෙයුම් නතර කිරීමට තායිලන්ත නාවික හමුදාව තීරණය කර තිබෙනවා. ඒගුහා දොරටුවේ ජල මට්ටම අඛණ්ඩව ඉහල යාම හේතුවෙන්.

අදාළ පාසල් පාපන්දු කී‍්‍රඩකයින් සහ පුහුණුකරු සෙවීමේ වෙනත් මගක් පිළිබදව තායිලන්ත බලධාරීන් මේ වනවිට අවධානය යොමු කර තිබෙනවා. .මෙම පාසල් පාපන්දු කණ්ඩායම ගුහාවේ ඇතුළු කුටීරයක සිරවී සිටිනු ඇති බවටයි සැක පල කෙරෙන්නේ.

කෙසේ වෙතත් එම ගුහාව තුළ වාතාශ‍්‍රය ඉතා අවම වීම හේතුවෙන් ඔවුන් තවදුරටත් ජීවතුන් අතර සිටීද යන්න සැක සහිත බව එරට මාධ්‍ය වාර්තා කළා.

අවුරුදු 11ත්16ත් අතර වයසේ පසුවන මෙම පාසල් පාපන්දු ක‍්‍රීඩකයින් 25 හැවිරිදි සිය පුහුණුකරුවාත් සමඟ ගුහාවට ඇතුළු වී තිබුණේ පසුගිය සෙනසුරාදා දිනයේදීයි. .නමුත් මේ වනතෙක් ඔවුන් යලි නොපැමිණීම හේතුවෙන් ඔවුන් සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මක වුණා.

සංචාරක ආකර්ෂනීය ස්ථානයක් වන තායිලන්තයේ තැම් ලූවෑන්ග් ගුහා සංකීර්ණය පොළව යට කිලෝමීටර් 06ක් පමණ දුරට විහිදෙනවා.

SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post