News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් අද – 16 දෙනාත් එක්වෙයි

526 Views


ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් අද – 16 දෙනාත් එක්වෙයි

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් අද පස්වරු 4 ට කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේදී පැවත්වීමට නියමිතයි. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මෙම රැස්වීම සදහා පළමු වරට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම ද අද දිනයේදී සහභාගී වනවා. එම කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව්. ඞී. ජේ. සෙනවිරත්න මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ අද පස්වරුවේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමට සහභාගී වීමට පෙර 16 දෙනාගේ කණ්ඩායම අද පෙරවරුවේදී රැස් වන බවයි.

පස්වරුවේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමට සහභාගී වී ඔවුන් සමග කටයුතු කරන ආකාරය පිලිබදව එහිදී සාකච්ඡා කරන බව මන්ත‍්‍රීවරයා කියා සිටියා.

මේ අතරතම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නැයි කතානායකවරයා වෙත දැනුම් දීමට ඒකාබද්ධ විපක්ෂය තී්රණය කර තිබෙනවා. ඒ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී සංඛ්‍යාව 70 ක් දක්වා ඉහල ගොස් ඇති බවට කරුනු දක්වමින්. සිය මන්ත‍්‍රීවරුන් 54 දෙනා හා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමේ 16 දෙනා සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 70 ක් දක්වා ඉහළ යන බව ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post