News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

ඛනිජ තෙල් සංස්ථාව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට අනතුරු අඟවයි.

436 Views


ඛනිජ තෙල් සංස්ථාව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට අනතුරු අඟවයි.

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම තමන්ට ගෙවිය යුතු හිඟ මුදල් ලබන බදදා වන විට ලබා නොදෙන්නේ නම් ඉන්ධන සැපයීම අත්හිටුවීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

එහි ප‍්‍රකාශකයකු සඳහන් කළේ, ඒ සඳහා වන සිහි කැඳවීම් ලිපිය මේ වන විටත් ශ‍්‍රීලංකන් ගුවන් සමාගමට යොමු කර ඇති බවයි. ඛනිජ තෙල් සංස්ථාව සමග ඇතිකරගත් එකඟතාවන් මත ශ‍්‍රීලංකන් ගුවන් සමාගමට රුපියල් බිලියන 13ක සීමාව දක්වා ණය පදනම යටතේ ඛනිජ තෙල් ලබාදීම සිදුවේ.

මේ වන විට ණය පදනම මත ලබාදී ඇති ඛනිජ තෙල් තොගයේ වටිනාමක රුපියල් බිලියන 14කි. ඉන් රුපියල් බිලියන 8ක් 2008 වසරේ මිලදී ගත් ඛනිජ තෙල් සඳහා ලැබිය යුතු මුදල් බව සංස්ථාව පවසයි. ඉතිරි රුපියල් බිලියන 6ක මුදල ඉන් පසු අවස්ථා කිහිපයකදී ණය පදනම මත ලබාගත් ඛනිජ තෙල් සඳහා ගෙවිය යුතු වේ.


News Articles
Latest Videos
Most Popular Post