News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

බ‍්‍රසීල ජාතිකයින් දෙදෙනා ගිල දැමූ කොකේන් අඩංගු මත්ද්‍රව්‍ය ගුලි 153 ක් පිටතට ගනියි.

754 Views


බ‍්‍රසීල ජාතිකයින් දෙදෙනා ගිල දැමූ කොකේන් අඩංගු මත්ද්‍රව්‍ය ගුලි 153 ක් පිටතට ගනියි.

අත්අඩංගුවට පත්වූ  බ‍්‍රසීල ජාතිකයින් දෙදෙනා ගිල දැමූ කොකේන් අඩංගු මත්ද්‍රව්‍ය ගුලි 153 ක් පිටතට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පළමු සැකකරුගෙන් කොකෙන් ගුලි 88 ක් සහ දෙවන සැකකරුගෙන් කොකේන් ගුලි 65 ක් පිටතට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යයාලය සදහන් කළේ.

කිලෝ ග‍්‍රෑම් 01 යි ග‍්‍රෑම් 400 ක් වන එම කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 35 කට අධිකයි.

සැකකරුවන් මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ මීගමුව රෝහලේ රදවා සිටිනවා.

කොකේන් ගිල දමා දෝහා කටාර් සිට මෙරටට පැමිණි 24 හැවිරිදි සහ 30 හැවිරිදි බ‍්‍රසීල ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනුණේ පසුගිය 30 වනදා සහ ඊයේ පෙරවරුවේදීයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යයාංශය මගින් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post