News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

නිවසකට පුද්ලයෙකු විසින් එල්ල කල අත් බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකුට තුවාල

899 Views


නිවසකට පුද්ලයෙකු විසින් එල්ල කල අත් බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකුට තුවාල

කුලියාපිටිය – බොයිංගමුව ප‍්‍රදේශයේ නිවසකට පුද්ලයෙකු විසින් ඊයේ රාති‍්‍රයේ එල්ල කල අත් බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ප‍්‍රහාරය එල්ල කල පුද්ගලයා අදාළ නිවසේ පදිංචිව සිටින බාල පුත‍්‍රයා සමඟ දිර්ඝ කාලක සිට තිබු ආරව්ලක් හේතුවෙන් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසීය සදහන් කළේ. ප‍්‍රහාරයෙන් තුවාල ලැබු සිව් දෙනා අතර කාන්තාවක් ද සිටිනවා. ඔවුන් මේ වන විට ප‍්‍රතිකාර ලබන්නේ කුලියාපිටිය රෝහලේයි

සැකකරු මේ වන විට ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. ඔහු වසර කිහිපයකට පෙර යුධ හමුදාවේ සිට පොදු සමාව යටතේ සේවය අතහැර ගිය පුද්ගලයෙකු බවයි අනාවරණ වී ඇත්තේ. සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා කුලියාපිටිය පොලිසීය මගින් සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මකයි.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post