News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

තලාවේ රාජ්‍ය බැංකුවක සොරකමක්

526 Views


තලාවේ රාජ්‍ය බැංකුවක සොරකමක්

තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ කිසියම් පිරිසක් එහි තිබූ මුදල් හා රන් ආභරණ සොරාගෙන තිබෙනවා.

අද උදැසන බැංකුව විවෘත කිරීමට ගිය අවස්ථාවේ පිටුපස දොර කඩා දමා තිබූ බව අනාවරණය වීමෙන් පසුවයි බැංකු නිලධාරින් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබුනේ.

ඒ අනුව පොලිසිය හා බැංකු නිලධාරින් එක්ව සිදුකළ පරික්ෂණයේදී එහි සේප්පුවද කඩා බිඳ දමා ඒ තුල තිබූ මුදල් සහ රං භාණ්ඩ සොරා ගෙන ගොස් තිබූ බව අනාවරණය වුණා.

පසුගිය සිකුරාදා අදාළ රාජ්‍ය බැංකුවේ ගනුදෙනු අවසන් විමෙන් පසුව වසා දමා නැවත අද විවෘත කර තිබුණු අතර ඒ කාලය අතරතුරදී කිසියම් කණ්ඩායමක් මෙම සොරකම සිදු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් බැංකුවේ පිටුපස දොරටුව කඩා දමා ඊට ඇතුළුවී මෙම කොල්ලය සිදුකර ඇති බවට පොලිසිය සැක පල කරනවා.

Siyatha Top Story | 02:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post