News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

මාතර කොල්ලයට සම්භන්ධ පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනා යළි රිමාන්ඩ්

811 Views


මාතර කොල්ලයට සම්භන්ධ පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනා යළි රිමාන්ඩ්

මාතර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ල කෑමට පැමිණ පොලීසියට වෙඩි තැබීමේ සිදුවීමට සම්භන්ධ කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ සැකකරුවන් අද මාතර අතිරේක මහේස්ත‍්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේ දීයි.

හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන තෙක් සැකකරුවන් ලබන 16 වනචා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත‍්‍රාත්වරිය එහිදී නියෝග කලා.

ඒ අනුව මෙලෙෂ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ කොස්ගොඩ කොස්ගොඩ තාරක, ඔහුගේ සහෝදරයා වන කොස්ගොඩ මදුක හා අතුල කිත්සිරි කුමාර නොහොත් නාරම්මල මලා යන තිදෙනායි.

ඔවුන්ගෙන් අතුල කිත්සිරි නොහොත් නාරම්මල මලා පමණක් ආවරණ සහිතව දැඩි ආරක්ෂක රැුකවල් මැද අද මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා.

Siyatha Top Story | 05:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post