News Line| Off Air| Games
Generic placeholder image

Jul
3

දේශීය පළතුරු ගොවියා රැක ගන්න ජනපති විශේෂ සාකච්ඡාවක.

1219 Views


දේශීය පළතුරු ගොවියා රැක ගන්න ජනපති විශේෂ සාකච්ඡාවක.

දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා.

මෙහිදී සාකච්ඡා කෙරුනේ ආනයනික පලතුරු හේතුවෙන් දේශීය පලතුරු ගොවියාට එල්ලවී ඇති අභියෝගය පිළිබඳවයි. ඒ පිළිබඳ අනුගමනය කළයුතු ක‍්‍රමවේදයන් පිළිබඳව ද සාකච්ඡාට ලක් වුණා.

රසයෙන්, ගුණයෙන් ඉහළ මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය මට්ටම ඉහළ නංවන දේශීය පලතුරු පරිභෝජනය පිළිබඳ ජනතාව නැඹුරු කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පැහැදිලි කලා.

අස්වනු නෙළන සමයේදී වැඩිපුර ලැබෙන අස්වැන්න කල්තබා ගැනීම සඳහා විකල්ප තාක්ෂණික ක‍්‍රමවේදයන් පලතුරු ගොවින්ට හඳුන්වාදීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් කඩිනමින් කි‍්‍රයාවට නංවන ලෙස යි ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන්නේ.

සතුන්ගෙන් වගාවන් සඳහා සිදුවන හානි අවමකර ගැනීම සඳහා ගත හැකි පියවරයන් පිළිබඳව ද සාකච්ඡා කලා.


News Articles
Latest Videos
Most Popular Post