News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

මරණීය තර්ජන එල්ල කර කප්පම් මුදල් ලබා ගත් කාන්තාවක් අත්අඩංගුවට

1042 Views


මරණීය තර්ජන එල්ල කර කප්පම් මුදල් ලබා ගත් කාන්තාවක් අත්අඩංගුවට

මරණීය තර්ජන එල්ල කර කප්පම් මුදල් ලබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්බලන්ගොඩ පොලීසියට ලද තොරතුරකට අනුව සිදු කල විමර්ශනයේ දීයි.

මරණීය තර්ජන එල්ල කර කප්පම් මුදල් ඉල්ලා සිටින බව පොලීසියට පැමිනිල්ලක් ඉදිරිපත් වී තිබුණා. පැමිණිල්ලේ සඳහන් වුනේ කප්පම්කරු විසින් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා සිටින බව යි.

කෙසේ වෙතත් කප්පම් මුදලින් රුපියල් 50,000 ක් රැගෙන එන්නැයි ඊයේ කප්පම්කරු විසින් දැනුම් දී තිබුණා. එම මුදල ලබා ගැනීම සදහා සැළසුම් කර තිබුනේ අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ වෙළදසැළක් තුළදීයි.

ඒ අනුව පැමිණිලිකරු සමග පොලීසියද එම වෙළද සැළ තුළ රැදී සිටි අතර කප්පම් මුදල ලබා ගැනීම සදහා පැමිණ තිබුනේ කාන්තාවක්. එහිදී වහා ක‍්‍රියාත්මක වූ පොලීසිය සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකාරිය විසින් මෙලෙස මරණ තර්ජන එල්ල කර කප්පම් මුදල ඉල්ලා ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී හෙලි වුනේ.

මෙලෙස අත්අඩංගුවට පත් වුනේ 32 හැවිරිදි බෙන්තොට ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක්. සැකකාරිය අද අධිකරණය හමුවට ඉදිරිපත් කිීරීමට නියමිතයි.

Siyatha Top Story | 08:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post