News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් අනිද්දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

534 Views


දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් අනිද්දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

කිලිනොච්චිය අම්බාල්කුලම් ප‍්‍රදේශයේදී පොලූ මුගුරුවලින් පහරදී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දසදෙනා අනිද්දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා

ඒ සැකකරුවන් අද කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් එම් ගනේෂරාජා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයට අනුවයි

වනජීවි නිලධාරීන් විසින් කිලිනොච්චිය මහෙස්ත‍‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් හඳුනාගෙන මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා

දිවියා ඝාතනය කිරීමට සම්බන්ධ සෙසු සැකකරුවන් කොළඹ හා මඩකලපුව ප‍‍්‍රදේශවලට පැන ගොස් සැඟවී සිටින බවට වාර්තා වී ඇති අතර අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කි‍්‍රයාත්මකයි

කිලිනොච්චිය අම්බාල්කුලම් ප‍්‍රදේශයට පැමිණි දිවියෙකු ප‍‍්‍රදේශවාසීන් පිරිසක් විසින් පොලූ මුගුරුවලින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කොට, අදාළ දර්ශන සමාජජාල වෙබ් අඩවි වෙත නිකුත් කර තිබුණේ පසුගිය 21 වනදායි

SIYATHA FM EVENING NEWS | 06:30 PM | Editor : Sitahara Athukorala


News Articles
Latest Videos
Most Popular Post