News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

මැලේසියානු හිටපු අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් අත්අඩංගුවට

537 Views


මැලේසියානු හිටපු අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් අත්අඩංගුවට

මැලේසියානු හිටපු අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මැලේසියානු සංවර්ධන අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළවයි.

සිය නිවසේ සිටියදී නජීබ් රසාක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කරනු ඇති.

නජීබ් රසාක්ගේ නිවසේ තිබී මුදල් සහ සුඛෝපහෝගී භාණ්ඩ සහිත පෙට්ටි 284 ක් සහ ඇමෙරිකානු ඩොලර් එක් ලක්ෂ තිස්පන්දහසක් ඇතුළු විදේශ මුදල් තොගයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය මැයි මස 18 වනදායි.

ඒ අතර ශ‍්‍රී ලංකා රුපියල් දෙකෝටි අසූහත් ලක්ෂයක මුදල් තොගයක් ද සොයා ගැනුනා හිටපු අග‍්‍රාමාත්‍යවරයාට එල්ල වී ඇති වංචා චෝදනාවලට අදාළවයි එම වැටලීම සිදු කර තිබුනේ.

SIYATHA FM EVENING NEWS | 06:30 PM | Editor : Sitahara Athukorala


News Articles
Latest Videos
Most Popular Post