මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාව සමඟ අංක 3 වශයෙන් සඳහන් කළ ඇමුණුමක් ඉදිරිපත්වී නොමැති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම්වරයා පවසන්නේමහ බැංකු බැදුම්කර විමර්ශන ජනාධිපති කොමිසම් වාර්තාව සමග අංක 1, 2, 4 සහ 5 වශයෙන් ඇමුණුම් ඉදිරිපත් වී තිබුණ ද අංක 3 වශයෙන් ඇමුණුමක් ඉදිරිපත් වී නොමැති බවයි.
ජනාධිපති කොමිසමේ ලේකම් එස්.උඩුගමසූරිය මහතා විසින් ද තමන්ට ඒ බව දැනුම් දී ඇති බව ජනාධිපති ලේකම්වරයාගේ නිවේදනයේ සදහන්. ජනාධිපති ලේකම්වරයා පවස්නේ ඒ හේතුවෙන්තමන් වෙත නොලැබුණු ඇමුණුමක් පිළිබද රටට ප‍්‍රකාශයක් සිදු කිරීමට හැකියාවක් නොමැති බවයි.
බැඳුම්කර වාර්තාවේ තුන්වන ඇමුණුමට සිදුවූයේ කුමක්ද යන්න ජනාධිපති ලේකම්වරයා විසින් රටට හෙළි කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පසුගිය දෙවනදා ප‍්‍රකාශ කලා.