News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

නිව්යෝක් ටයිම්ස් පුවත්පත් සිද්ධිය ගැන මහින්ද රාජපක්ෂ ඉදිරි පියවරට සුදානම්

577 Views


නිව්යෝක් ටයිම්ස් පුවත්පත් සිද්ධිය ගැන මහින්ද රාජපක්ෂ ඉදිරි පියවරට සුදානම්

නිව්යෝක් ටයිම්ස් පුවත් පත මඟින් පළ කළ නිවේදනය සම්බන්ධයෙන් තමා පියවර ගන්නා බවට ප‍්‍රකාශ කලේ වැරද්ද නිවැරදි කිරීම සදහා පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ කොළම නෙලූම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ අද පැවති උත්සවයකදීයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත‍්‍රීවරුන් 21 දෙනෙකු පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා.

මේ සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද පැමිණියා.

ඒ සිය පක්ෂ කාර්යාලයට පැමිණෙන ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් කල නිල ආරාධනයකට අනුවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයට පැමිණි පළමු අවස්ථාව ද මෙයයි.

මෙම සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන සදහා පොදුජන පෙරමුණේ සාමාජික බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor : Shanuka Karunarathne


News Articles
Latest Videos
Most Popular Post