News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

ගුරු සංගම් වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා පාසල් රැසක අධ්‍යාපන කටයුතු අඩාලයි

772 Views


ගුරු සංගම් වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා පාසල් රැසක අධ්‍යාපන කටයුතු අඩාලයි

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තිය සමිති කිහිපයක් පැවැත්වූ උද්ඝෝෂණයක් හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා. දීප ව්‍යාප්ත වර්ජනයට සමගාමිව වෘත්තිය සමිති නියෝජිතයින් විරෝධතා පා ගමනක් අද පෙරවරුවේ ආරම්භ කලේ පැලවත්ත බුද්ධදාස ක‍්‍රීඩාංගණය අසලින්. අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණි ඔවුන් එහිදී විරෝධතාවයේ නිරත වුනා.

විරෝධතාව හේතුවෙන් කොට්ටාව – බොරැල්ල ප‍්‍රධාන මාර්ගය අවහිර වු අතර ඒ හේතුවෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වුනා. පොලීසිය විසින් එම කටයුතු යථා තත්ත්වයට පත් කිරිමට උත්සාහ කිරිමත් සමගයි දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හට ගත්තේ. එහිදී තුවාල ලැබූ ගුරු සංගම් සභාපතිවරයා ප‍්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර ගුරු සංගම් අද ක‍්‍රියාත්මක කල වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය සම්පූර්ණයෙන් අසාර්ථක බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ගුරුවරුන් සැළකිය යුතු ප‍්‍රතිශතයක් අද සේවයට වාර්තා කළ බවයි අමාත්‍යවරයා සදහන් කලේ. දේශපාලන පලි ගැනීමට ලක් වූ නිළධාරීන් ද සදහන් කලේ මෙම වර්ජනය අසාර්ථක බවයි.

දේශපාලන පලි ගැනීමට ලක් වූවන්ට යළි පත් වීම් ලබා දීමට විරෝධය පල කරමින් ගුරු සංගම් අද දිවයින පුරා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් පැවැත්වුවා.

කෙසේ වෙතත් අප වාර්තාකරුවන් සදහන් කලේ පාසල් රැසක අධ්‍යන කටයුතු අද සිදු නොවූ බවයි. ගුරුවරුන් සේවයට වාර්තා නොකරන බවට ඊයේ කල දැනුම් දීමට අනුව ඇතැම් පාසල් වල සිසුන් අද නොපැමිණි බවයි වාර්තා වන්නේ. නමුත් පාසල් වෙත පැමිණි සිසුන් ද ගුරුවරුන් නොමැති වීම හේතුවෙන් යළි නිවෙස් වෙත පැමිණි අයුරුද දක්නට ලැබුණා.

ප‍්‍රධාන නගර වල පාසල් මෙන්ම සෙසු ප‍්‍රදේශ වල ද මෙම තත්වය පැවති බවයි අප වාර්තාකරුවන් සදහන් කලේ. ඒ අනුව සිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අතිශය සාර්ථක බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා සදහන් කලා.

SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor : Shanuka Karunarathne


News Articles
Latest Videos
Most Popular Post