News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

ජාතික විගණන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට

917 Views


ජාතික විගණන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට

ජාතික විගණන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. රාජ්‍ය ආයතන වල සිදු වන වංචා දූෂණ සහ මූල්‍ය අක‍්‍රමිකතාවලට එරෙහිව පියවර ගැනීමට අදාල නීතිමය ප‍්‍රතිපාදන මෙම පනත් කෙටුම්පත් තුල අන්තර්ගත වනවා.

පෙරවරු 11.00 සිට පස්වරු 06.30 දක්වා එම විවාදය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් ඉකුත් අපේ‍්‍රල් මස 04 වැනිදා මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

වත්මන් යහපාලන ආණ්ඩුවේ ප‍්‍රධානතම පොරොන්දුවක් වූ ජාතික විගණන පනත අද දිනයේ විවාදයට ගෙන සම්මත කර ගැනීම ඓතිහාසික අවස්ථාවක් වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න කියා සිටියේ.

ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට අද දිනයේ සංශෝධන කිහිපයක් ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ සූදානමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post