News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

අර්ජුන් සහ කසුන්ගේ සිරමැදිරි තුළ තිබී දුරකථන සහ සිම්පත් සොයාගැනෙයි.

661 Views


අර්ජුන් සහ කසුන්ගේ සිරමැදිරි තුළ තිබී දුරකථන සහ සිම්පත් සොයාගැනෙයි.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලොසියස් සහ කසුන් පලිසේන විසින් සගවා තිබූ ජංගම දුරකථන 03 ක් සහ සිම් කාඞ්පත් 05 ක් සොයාගෙන තිබෙනවා. ඒ බන්ධනාගාර විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් ඔවුන් රදවා සිටින බන්ධනාගාරයෙහි එච් වාට්ටුව පරීක්ෂා කළ අවස්ථාවේදීයි.

අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා විසින් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඒ බව දුන්නා.
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සදහන් කර සිටියේ සොයා ගත් එක් ජංගම දුරකථනයක් අර්ජුන් ඇලෝසියස් නිදාගන්නා කොට්ටය යට සගවා තිබූ බවයි.

මේ අතර අර්ජුන් ඇලොසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 19 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළේ ඔවුන් අද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට හමු ඉදිරිපත් කල අවස්ථාවේදීයි. එහිදී මහේස්ත‍්‍රාත්වරයා විසින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් 8 දෙනෙකුට සහ අර්ජුන් ඇලෝසියස්ගේ පියාට අධිකරණයේ නිසි අවසරයකින් තොරව විදෙස් ගත වීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කලා.
මේ අතර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පර්පෙචුවල් ට‍්‍රෂෙරීස් සමාගමට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමෙන් 2015 ජනවාරි 31 වන දා සිට 2016 සැප්තැම්බර් 30 වන දා දක්වා කාලය තුළ රුපියල් මිලියන 1 134 ක චෙක්පත් 2 487 ක් නිකුත් කර ඇති බව අද අධිකරණයේදී අනාවරණ වුනා.

අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පැවසුවේ, ඇතැම් චෙක්පත් මූල්‍ය නීති උල්ලංඝනය කරමින් නිකුත් කර ඇති බැවින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ චෝදනා ගොනු කළ හැකි බවයි.

මේ අතර අධිකරණ කටයුතු ප‍්‍රමාද වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මියගෙන් කරුණු විමසා සිටියා.

මේ අතර පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කරමින් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

SIYATHA FM EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post