මෙරට මුහුදු සීමාවේ අතරමංවී සිටි සෝමාලියානු ජාතික ධීවරයින් තිදෙනෙකු රැගත් යාත‍්‍රාවක් බේරා ගැනීමට ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් බේරා ගෙන තිබෙනවා.
ඒ සෝමාලියානු ධීවරයින් තිදෙනෙකු සමඟින් ධීවර යාත‍්‍රාවක් මුහුදේ අතරමංව ඇති බවත්, ඔවුන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන් බවටත්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය මගින් කළ දැනුම්දීමකට අනුවයි.
නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත වහා ක‍්‍රියාත්මක වු ශ‍්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත‍්‍ර නෞකාව නාවික වෛද්‍ය සහායක කණ්ඩායමක් සමඟ අනතුරට පත් සෝමාලියානු ධීවරයින් බේරා ගැනීම සඳහා පිටත්ව ගියේ පසුගිය සිව්වනදායි.
දිනක මෙහෙයුමකින් පසු ගාලූ ප‍්‍රදීපාගාරයේ සීට නාවික සැතපුම් 115 ක් පමණ දුරින් මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ධීවරයින් රැගත් යාත‍්‍රාව සොයා ගැනීමට ඊයේ පස්වරුවේ නාවික හමුදාව සමත් වුණා. අසාධ්‍ය තත්ත්වයේ පසු වු ධීවරයින්ට නාවික හමුදා වෛද්‍ය සහායක කණ්ඩායම මගින් වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දීමටයි කටයුතු කළේ.
අනතුරුව ආරක්ෂාකාරී ලෙස ගාලූ වරාය පරිශ‍්‍රය වෙත රැුගෙනආ ධීවරයින් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු ගාල්ල පොලීසිය වෙත භාරදී තිබෙනවා.