News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

ජාතික විගණන පනත් කෙටුම්පත ඡන්දයක් නැතුවම සම්මත වෙයි.

1381 Views


ජාතික විගණන පනත් කෙටුම්පත ඡන්දයක් නැතුවම සම්මත වෙයි.

ජාතික විගණන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේ දී ඡුන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වුණා. පනත් කෙටුම්පත කාරක සභාවේ දී සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව පාර්ලිමේන්තුව වෙත දන්වා සිටියේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විසින්.

විගණන පනත යනු,විගනන සේවා කොමිෂන් සභාවේ බලතල, කාර්යය සහ කර්තව්‍ය පිළිබඳ විධිවිධාන සැලැස්වීම සඳහාත් , ජාතික විගණන කාර්යාලය සහ ශ‍්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය පිහිටුවීම සඳහාත් විධිවිධාන සැලැස්වීම සදහා වූ පනතයි.


News Articles
Latest Videos
Most Popular Post