හිිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය පසුගිය දා යාපනයේ දී කළ ප‍්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකළ වීඩියෝ පට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ලබාදෙන ලෙස අධිකරණය විසින් මාධ්‍ය ආයතන පහක ප‍්‍රධානීන් වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අපරාධ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ප‍්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කල කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
සිංහල රාවය සංවිධානයේ ජාතික සංවිධායක මාගල් කන්දේ සුදත්ත හිමියන් විසින් කල පැමිණිල්ලකට අනුව මෙම කරුණු දැක්වීම සිදු කර තබෙනවා. ඒ අනුවයිකොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා විසින් අදාල නියෝගය නිකුත් කලේ .
මේ අතර විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කල ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් විශේ්ෂ කමිටුවක් පත් කර තිබෙනවා. පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ අමාත්‍ය තලතා අතුකෝරාල යන මහත්ම මහත්මීන් එම කමිටුවට ඇතුලත්. කතානායක කරූ ජයසූරිය මහතාද අද පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේවිජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් ගත හැකි උපරිම පියවර තමා විසින් ගෙන ඇති බවයි.
විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කල ප‍්‍රකාශයට එරෙහිව පාර්ශවයන් ගණනාවකින් එල්ල වූ විරෝධය හමුවේ ඇය ඊයේ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වුනා. උතුරේ ජනතාවට මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගැනීම සදහා එල් ටී ටී ඊ් සංවිධානය මෙරට තුල යලි ස්ථාපිත විය යුතු බව රාජ්‍ය අමාත්‍ය විිජයකලා මහේෂ්වරන් මහත්මිය ප‍්‍රකාශ කලේ පසුගිය 2වනදා යාපනය ප‍්‍රදේශයේ පැවති ජනපති නිල මෙහෙවර වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින්.
SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor : Amila Udaraka