News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

ඉන්ධන මිල වැඩි වුවහොත් බස් හා ත්‍රී රෝද ගාස්තු නැවීමට ඉල්ලීමක්

575 Views


ඉන්ධන මිල වැඩි වුවහොත් බස් හා ත්‍රී රෝද ගාස්තු නැවීමට ඉල්ලීමක්

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි යලි බස් ගාස්තු ඉහල නැංවිය යුතු බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියංජිත් මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ එලෙස බස් ගාස්තු ඉහල දැමීමට රජය විසින් පියවර නොගන්නේ නම් වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට කටයුතු කරන බවයි.

මේ අතර ඉන්ධන මිල වැඩිවීමත් සමග මගී ප‍්‍රවාහන ත‍්‍රීරෝධ රථ සදහා ඉන්ධන සහනයක් ලබා දිය යුතු බව සමස්ථ ලංකා ත‍්‍රීරෝධ රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුනිල් ජයවර්ධන මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ එසේ නොමැතිවුව හොත් ලබන 9 වනදායින් පසුව දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවයි.

SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post