News Line| Off Air| Games
Generic placeholder image

Jul
6

පාපන්දු ලෝක කුසලාන තරඟයට භූ කම්පනයෙන් කිසිඳු බලපෑමක් නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

461 Views


පාපන්දු ලෝක කුසලාන තරඟයට භූ කම්පනයෙන් කිසිඳු බලපෑමක් නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆිෆා ලොක කුසලානයේ අර්ධ අවසන් තරග වටයේ පලමු තරග 2 අද ආරම්භ වනවා. ඒ අනුව තව ස්වල්ප මොහොතකින් පලමු තරගය ලෙස ප‍්‍රංශය සහ උරුගුවේ කණ්ඩායම අතර තරගය ආරම්භ වීමට නියමිතයි.

මෙවර ෆිෆා පාපන්දු කුෂලානය තුල වැඩි ජනප‍්‍රියත්වයක් හිමිකරගත් උරුගුවේ කණ්ඩායම පිලිබදව අද බොහෝ ක‍්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ඇතිවී තිබෙනවා.

කෙසේවුවත් ක‍්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ කණ්ඩායම් 2ම සම දක්ෂතා මට්ටමේ පසුවන අතර ඒ හේතුවෙන් තියුණු තරගයක් දැකබලා ගත හැකි වනු ඇති බවයි.

අද දවසේ අනිත් තරගය බ‍්‍රසීලය සහ බෙල්ජියම අතර පැවැත්වෙනවා. එය මෙරට වේලාවෙන් රාත‍්‍රී 11 යි 30ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර රුසියාවේ කම් චැට් කා අර්ධ ද්වීපයට කිලෝමීටර 600 ක් දුරින් භූ කම්පනයක් සිදුව තිබෙනවා. කෙසේවුවත් එමගින් පාපන්දු ලෝක කුසලානයකට බලපෑමක් සිදු නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post