News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

තායිලන්තයේ ගුහාවක සිරවූ පාපන්දු කණ්ඩාම බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක්

635 Views


තායිලන්තයේ ගුහාවක සිරවූ පාපන්දු කණ්ඩාම බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක්

තායිලන්තයේ ගුහාවක සිර වී සිටින පාපන්දු ක‍්‍රීඩකයින් 12 දෙනා බේරා ගැනීම සදහා අද සිට ඉදිරි දින තුන තුළ විශේෂ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කිරීමට එරට නාවික හමුදාව සහ පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ සදහා වන සැලසුම් අද දින තුළ සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ.

ගුහා දොරටුවේ ජල මට්ටම අඩු වන තෙක් බලා සිටීමට කාලයක් නොමැති බැවින් දරුවන් මුදා ගැනීම සදහා මනා සැලැස්මකින් යුතු මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර ගුහාවේ සිරවී සිටින දරුවන් ඊයේ ප‍්‍රථම වරට ඔවුන්ගේ දෙමාපියන් සමග අදහස් හුවමාරු කර ගත්තේ කිමිදුම්කරුවන් අත යැවූ ලිපි මාර්ගයෙන්.

තමන් පිළිබද අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසත් තමන් ඉතා ශක්තිමත්ව සිටින බවත් දරුවන් සිය දෙමාපියන් වෙත එමගින් දැනුම් දී තිබෙනවා.

සති දෙකක කාලයක් තිස්සේ තායිලන්තයේ ලෙනක සිර වී සිටින පාපන්දු ක‍්‍රීඩකයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනීම සදහා නාවික හමුදාව සහ ජනතාව දහසක පමණ පිරිසක් විසින් අඛණ්ඩ මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.

Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post