News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

අම්පාර එක්ගල් ඔයේ ගිලී සිව්දෙනෙකු අතුරුදන්

637 Views


අම්පාර එක්ගල් ඔයේ ගිලී සිව්දෙනෙකු අතුරුදන්

අම්පාර, දමන, එක්ගල් ඔයේ ගිලී සිව්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මෙම අනතුරට මුහුණ පා ඇත්තේ විනෝද චාරිකාවක් සදහා පැමිණි බදුල්ල සිරි සීවලී විදුහලේ ගුරුවරුන් සහ සිසුන් පිරිසක්.

ඔවුන් අතරින් 09 දෙනෙකු අද උදෑසන එක්ගල් ඔයේ ඔරුවක නැගී ගමන් කරමින් සිටියදි එක්වරම ඔරුව පෙරලී ගොස් තිබුණා. ඉන් 05 දෙනෙකු අවට සිටි ධීවරයින් විසින් බේරාගෙන ඇති අතර සිව් දෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව සිටින බවයි පොලිසිය පැවසුවේ.

අතුරුදන්ව ඇත්තේ 53 හැවිරිදි එම විදුහලේ විදුහල්පති 43 හැවිරිදි ගුරුවරයෙකු 31 හැවිරිදි මුරකරු සහ 13 හැවිරිදි සිසුවෙක්.

මේ වනවිට ඔවුන් සෙවීම සදහා ප‍්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව පොලිසිය විසින් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post