බන්ධනාගාර ගතකර සිටින පර්පචුවෙල් ට‍්‍රෂෙරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය රඳවා ඇති වාට්ටුව තුළ තිබී සොයාගත් දුරකතනවලින් ලබාගෙන ඇති ඇමතුම් පිළිබඳ දත්ත විමර්ශනය කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ සමාගම්වලින් ඊට අදාළ තොරතුරු ලබා දෙන්නැයි ඉල්ලීමක් කර ඇති බවයි.
සැකකරුවන්ට එරෙහි නඩුව පසුගිය බ‍්‍රහස්පතින්දා කැදවනු ලැබුවෙව්කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේයි
එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටින සැකකරුවන් රඳවා සිටින වාට්ටුව පරික්ෂා කළ නිලධාරීන් කණ්ඩායමකට එහි සඟවා තිබූ ජංගම දුරකතන 3ක් සහ සිම් කාඞ්පත් 5 ක් සොයා ගැනීමට හැකි වූ බවයි.
එක් ජංගම දුරකතනයක් අර්ජුන් ඇලෝසියස් නිදා ගන්නා කොට්ට අතර සඟවා තිබීයදී සොයාගත් බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප‍්‍රකාශ කළා
ඒ, අනුව සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් සහ මැගසින් බන්ධනාගාර අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් ද විශේෂ විමර්ශන ක‍්‍රියාත්මකයි.