News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

පළාත් සභා ඡන්දය ලබන වසර දක්වා කල් යන ලකුණු

1068 Views


පළාත් සභා ඡන්දය ලබන වසර දක්වා කල් යන ලකුණු

පළාත් සභා ඡන්දය පැවැත්වීම ලබන වසරේ ජනවාරි මස දක්වා කල් යා හැකි බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ වසර අගදී විභාග පැවැත්වීම සහ ඡන්දය පැවැත්වෙන ක‍්‍රමය සම්බන්ධයෙන් තවමත් එකගතාවයක් නොමැති වීම ඊට හේතු විය හැකි බවයි.

පළාත් සභා ඡන්දය මේ වසරේ අගදී පැවැත්වෙනු ඇති බව රජයේ අමාත්‍යවරුන් බොහෝ දෙනෙක් මීට පෙර ප‍්‍රකාශ කළා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඇතුලූ පක්ෂ කිහිපයක් යෝජනා කරන්නේ පළාත් සභා ඡුන්දය නව ක‍්‍රමයට පැවැත්විය යුතු බවයි.

පළාත් සභා ඡන්දය පැරණි ක‍්‍රමයට පැවැත්විය යුතු බව සුලූ ජාතික පක්ෂ ඇතුලූ පක්ෂ කිහිපයක් යෝජනා කරනවා. කෙසේ නමුත් පළාත් සභා 03 ක නිල කාලය මේ වනවිට අවසන් වී ඇති අතර තවත් පළාත් සභා 03 ක කාලය ලබන අගෝස්තු මාසයේදී අවසන් වීමට නියමිතයි. ඒ හේතුවෙන් පළාත් සභා ඡුන්දය ලබන දෙසැම්බර් මාසයේදී පවත්වන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post