News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

පාපන්දු ලෝක කුසලානයේ ප‍්‍රංශය සහ බෙල්ජියම අතර අවසන් පූර්ව තරඟය හෙට

605 Views


පාපන්දු ලෝක කුසලානයේ ප‍්‍රංශය සහ බෙල්ජියම අතර අවසන් පූර්ව තරඟය හෙට

පාපන්දු ලෝක කුසලානයේ ප‍්‍රංශය සහ බෙල්ජියම අතර අවසන් පූර්ව තරගය හෙට පැවැත්වෙනවා. ඒ සමග මේ වනවිට සත්කාරක රුසියාව සැනකෙලි ස්වරූපයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හෙට පැවැත්වෙන තරගයෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නේ ප‍්‍රංශය ද බෙල්ජියම ද යන්න නිගමනය කිරීම සදහා බොහෝ විනෝද කී‍්‍රඩා එරට වීදිවල සංවිධානය කර තිබෙනවා.

කෙසේ වෙතත් හෙට පැවැත්වෙන අවසන් පූර්ව තරගය ජය ගැනීම සදහා ප‍්‍රංශයට වැඩි අවස්ථාවක් පවතින බවයි බොහෝ දෙනා පවසන්නේ.

පාපන්දු ලෝක කුසලානයේ අනෙක් අවසන් පූර්ව තරගය අනිද්දා පැවැත්වෙන්නේ ක්‍රොඒෂියාව සහ එංගලන්තය අතරයි.

මේ වනවිට පාපන්දු සම්මේලනයේ විශේෂඥයින් කණ්ඩායමක් රුසියාවට පැමිණ තිබෙනවා. ඒ අවසන් පූර්ව වටවලදී සහ අවසන් මහා තරගයේදී තරග ඔට්ටු තබන්නන්ගෙන් කී‍්‍රඩකයින්ට බලපෑම් එල්ල වේද යන්න පිළිබදව සොයා බැලීම සදහායි.

SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post