සිංගප්පූරුවේ රාජ්‍ය නිල සංචාරයක නිරත වී සිටින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද එරට පැවැත්වෙන හයවන ජගත් පුරවර සමුලූවට සහභාගී වීමට නියමිතයි. එහිදී ප‍්‍රධාන දේශනය පවත්වනු ලබන්නේද අග‍්‍රාමාත්‍යවරයා විසින්
එම දේශනය නාගරික සංවර්ධනය සහ පරිසරය සුරකිමු මැයෙන් සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.
ඉන් අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා සිංගප්පූරු ජල සති සැමරුම පිවිතුරු ජල සති සැමරුම යන උත්සව අවස්ථාවන් සදහාද සහභාගී වනු ඇති.
අග‍්‍රාමාත්‍යවරයා සිය නිල සංචාරය අතරතුර සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂිං ලූං සහ නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය ටී ශන්මුුකරත්නම් ඇතුලූ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු හමුවීමට ද නියමිතයි.
එම සාකච්ඡ වන්හිදී මනා රාජ්‍ය පරිපාලනය සැලසුම්කරණය සහ තාක්ෂණය යන කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු වනු ඇති.
SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Sithara Athukorala