News Line| Off Air| Games
Generic placeholder image

Jul
9

එක්ගල්ඔයේ ගිලී අතුරුදන්ව සිටි සිව්දෙනාගේ මළ සිරුරු සොයාගැනේ

410 Views


එක්ගල්ඔයේ ගිලී අතුරුදන්ව සිටි සිව්දෙනාගේ මළ සිරුරු සොයාගැනේ

අම්පාර, දමන, එක්ගල්ඔයේ ගිලී අතුරුදන්ව සිටි සිව්දෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා. මියගොස් ඇත්තේ 53 හැවිරිදි බදුල්ල සිරි සීවලී විදුහලේ විදුහල්පති 43 හැවිරිදි එම විදුහලේ ගුරුවරයෙකු 31 හැවිරිදි මුරකරු සහ 13 හැවිරිදි සිසුවෙක්.

ඔවුන්ගේ දේහයන් මේ වනවිට අම්පාර මහරෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.

විනෝද චාරිකාවක් සදහා පැමිණි බදුල්ල සිරි සීවලී විදුහලේ ගුරුවරුන් සහ සිසුන් පිරිසක් මෙම අනතුරට මුහුණ පෑවේ ඊයේ පෙරවරුවේදීයි.

ඔවුන් අතරින් 09 දෙනෙකු එක්ගල් ඔයේ ඔරුවක නැගී ගමන් කරමින් සිටියදි එක්වරම ඔරුව පෙරලී ගොස් තිබුණා.

ඉන් 05 දෙනෙකු අවට සිටි ධීවරයින් විසින් බේරාගෙන ඇති අතර සිව් දෙනෙකු දියේ ගිලී අතුරුදන්ව වූ අතර ඔවුන් සෙවීම සඳහා ප‍්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව පොලිසිය විසින් මෙහෙයුම් කි‍්‍රයාත්මක කළා.

Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post