News Line| Off Air| Games
Generic placeholder image

Jul
10

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ රැස්වේ.

374 Views


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ රැස්වේ.

අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි
ඒ කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්්‍යාලයේදී යි.

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද දිනයේදී සාකඡ්චා  කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යංශය සදහන් කලේ
ඒ අනුව ඉන්ධන සදහා වන නියමිත එක් මිල සටහනක් අද දිනයේදී තිරණය කරනු ඇති.

ඉන්ධන මිල සූත‍්‍රයට අනුව පසුගිය 6 වනදා සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් මුදල් අමාත්‍යංශය මගින් ඉහළ දැමූ ලැබු අතර එදින ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කලේ එලෙස ඉන්ධන මිල ඉහල දැමීමට හැකියාවක් නොමැති බවයි
පැරණි මිලටම ඉන්ධන ලබා දෙන ලෙස පිරවුම්හල් වෙත ඛණිජ තෙල් සංස්ථාව නිවේදනය කලද එදිනම පස්වරුවේ මුදල් අමාතයංශය නැවත දැනුම් දුන්නේ සංශෝධිත මිල ගණන් වලට අනුව ඉන්ධන මිල ඉහල දැමීමට පිරවුම්හල් වලට හැකියාවක් පවතින බවයි.

ඒ අනුව මේ වන විට දිවයින පුරා මිල ගණන් 2 ක් යටතේ ඉන්ධන අලවි වන අතර ඛණිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ පිරවුම්හල්වල පැරණි මිල ගණන් යටතේත් අයි ඕ සී පිරවුම් හල් වල ඉහල දැමූ මිලගණන් යටතේත් ඉන්ධන අලවි වනවා
මේ පිලිබදව ඊයේ දේශපාලන වේදිකාවේ ද අදහස් පල වුනා.

SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post