දිවයින පුරා රෝහල් වල ලබන 17 වනදා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා ඊයේ කොලඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සිය ගැටලූ වලට විසදුම් ලබා දීමට රජය විසින් කටයුතු නොකරන්නේ නම් එම වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි.
මේ අතර ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් ඊයේ සිට ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට ලේ දන් දීමේ කටයුතු වලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe