තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාසල් පාපන්දු ක‍්‍රීඩකයින් පස් දෙනා ඉන් පිටතට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. සහන සේවකයින් මෙම මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන්නේ ඇද හැලෙන වර්ෂාව ද නොතකමින්.
ළමුන් පිටතට පැමිණීමේදී බාධා ඇතිවිය හැකි බැවින් සියලූම මාධ්‍යවේදීන් ගුහා පිවිසුමෙන් ඉවත් කර තිබෙනවා.
එමෙන්ම පැමිනි වහාම ළමුන් රෝහල් ගත කිරීමට හෙලිකොප්ටර් යානා යොදා ඇති බවයි වාර්තා වන්නේ.
ගුහාව අවට සිට හමුදා කදවුරු, රෝහල් හා මෙහෙයුමේදී වැදගත් ස්ථාන වෙත යාමට අවශ්‍ය මාර්ග මෙහෙයුම අවසන් වන තුරු වසා දමා තිබෙනවා.
තායිලන්තයේ තෑම් ලූඈන්ග් ගුහාවේ සිරවී සිටි පාසල් පාපන්දු ක‍්‍රීඩකයින් 12 දෙනා ගෙන් 08 දෙනෙකු ඊයේ බේරා ගැනුනා
ඒ අතරට ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු ද ඇතුළත්.
පලපුරුදු ජාත්‍යන්තර කිමිදුම්කරුවන් සමග තායිලන්ත නාවික හමුදා සීල් ගුහාවේ සිරවී සිටින පාපන්දු කණ්ඩායම මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කලේ පසුගිය 08 වනදා පෙරවරුවේ දීයි.
මේ අතර ළමුන් දිරිමත් කිරීම සදහා පාපාන්දු සම්මේලනය විසින් මොවුන්ට පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය නැරබීමට විශේෂ ආරාධිතයන් වශයෙන් ආරාධනා කර තිබෙනවා.
SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe