News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

කොළඹ වෙඩි තැබීම් ගැන පුළුල් පරීක්ෂණ.

496 Views


කොළඹ වෙඩි තැබීම් ගැන පුළුල් පරීක්ෂණ.

පිටකොටුව හෙට්ටි වීදිය හා ජම්පටා වීදියේ ප‍්‍රදේශ වලදී සිදු වූ වෙඩි තැබීම් සම්භන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා. ඊයේ පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගියේ කොළඹ මහ නගරසභාවේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙක්.

එය මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදු වූවක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මිය ගිය මන්ත‍්‍රීවරයා ගංජා සම්බන්ධ නඩු 2කට අදාලව ඇප මත සිටි පුද්ගලයකු බවයි.

මේ අතර කොළඹ-ජම්පටාවීදියේ, සෙල්විගේ වත්ත ප‍්‍රදේශයේදී පසුගිය 8 වනදා සිදු වූ වෙඩි තැබීමකින් අඹු සැමි යුවලක් මිය ගියා. පොලීසිය පැවසුවේ පසුගිය ජුනි මස 24 වනදා එම ස්ථානයේදීම සිදු වූ වෙඩි තැබීමකින් අපරාධ කණ්ඩායම් සාමාජික ගනේෂ් නැමැත්තා තුවාල ලබා ඔහුගේ බිරිද මිය ගිය බවයි.

ඊට අදාළ නඩුව පසුගිය 08 වනදා කැදවා තිබූ අතර ඊයේ වෙඩි ප‍්‍රහාරය එල්ල වූ යුවලට ද එහිදි සාක්ෂි ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබුණා. නමුත් ඔවුන් සාක්ෂි ලබා දීම සදහා ඉදිරිපත් නොවීම හේතුවෙන් වෙඩි තැබීම සිදුවන්නට ඇති බවටයි සැක පල කෙරෙන්නේ. මෙම ඝාතන සිද්ධීන්ට සම්භන්ධ සැකකරුවන් සොයා පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post