තැපෑල හරහා සිදු කල මත්ද්‍රව්‍ය ජවාරමක තොරතුරු අණාවරණය වී තිබෙනවා. රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දි මෙරටට රැුගෙන ආ හෙරොයින් ග‍්‍රෑම් 227ක් ඊයේ පස්වරුවේ සොයාගත් බවයි.
ඒ සම්බන්ධයෙන් අදාළ හෙරොයින් තොගය මෙරටට ගෙන්වූ පුද්ගලයා ඇතුළු තිදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ද බන්ධනාගාරයේ සිට මෙහෙයවා ඇති බවට මුලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කලේ.
මේ අතර හෙරොයින් කිලෝග‍්‍රෑම් 103 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පසුරැුිය 08 වනදා කළුබෝවිල සහ බත්තරමුල්ල ප‍්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන පත් වුණා.