News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

සීගිරියේ ප‍්‍රධාන දොරටුව අවහිර කරමින් සංචාරක මඟ පෙන්වන්නන් විරෝධතාවයක.

788 Views


සීගිරියේ ප‍්‍රධාන දොරටුව අවහිර කරමින් සංචාරක මඟ පෙන්වන්නන් විරෝධතාවයක.

සීගිරියට පිවිසෙන ප‍්‍රධාන දොරටුව අවහිර කරමින් සංචාරක මඟ පෙන්වන්නන් අද විරෝධතාවක නිරත වුණා. සීගිරි සංචාරක උපදේශක සංගමය පැවසුවේ සංචාරක මඟ පෙන්වන්නෙකුට චීන ජාතිකයෙකු කළ පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව ආරම්භ කළ බවයි.

බලපත‍්‍ර නොමැතිව චීන ජාතිකයින් 08 දෙනෙකු සමඟ සීගිරිය නැරඹීම සඳහා මඟ පෙන්වන්නෙකු ලෙස පැමිණි චීන ජාතිකයෙකු සහ මෙරට මඟ පෙන්වන්නෙකු අතර ඊයේ බහින්බස්වීමක් හටගෙන තිබෙනවා.

එහිදී චීන ජාතිකයා විසින් මෙරට මඟ පෙන්වන්නාට පහර දී ඇති අතර තුවාල ලැබූ එම පුද්ගලයා මේ වන විට ප‍්‍රතිකාර ලබන්නේ සීගිරිය – කිඹිස්ස ප‍්‍රාදේශීය රෝහලේයි. ඒ අනුව, තම සංගමයේ සේවාදායකයෙකුට පහරදීමට විරෝධය පළ කරමින් අද දිනයේ මාර්ගෝපදේශන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව සීගිරිය – සංචාරක උපදේශක සංගමය ප‍්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post