News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

විජයකලාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්න නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්.

410 Views


විජයකලාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්න නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනය ප‍්‍රදේශයේදී සිදු කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතා නීතිපතිවරයාට කල දැනුම් දීමකට අනුවයි. නීතිපතිවරයා පවසා ඇත්තේ එම පරීක්ෂණ වාර්තාව කඩිනමින් තමන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙසයි.

අදාල ප‍්‍රකාශය හේතුවෙන් පාර්ලිමේන්තුව තුල සහ ඉන් පිටතදී පක්ෂ විපක්ෂ දේශපාලඥයින් දිගින් දිගටම විරෝධය පල කලා. ඒ අනුව රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමටයි විජයකලා මහේෂ්වරන් මහත්මිය කටයුතු කලේ.

උතුරේ ජනතාවට මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගැනීම සදහා එල් ටී ටී ඊ් සංවිධානය මෙරට තුල යලි ස්ථාපිත විය යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය විිජයකලා මහේෂ්වරන් මහත්මිය ප‍්‍රකාශ කලේ පසුගිය 2වනදා යාපනය ප‍්‍රදේශයේ පැවති ජනපති නිල මෙහෙවර වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින්.


News Articles
Latest Videos
Most Popular Post