ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග‍්‍රහණය කරවීමට නම් චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කල යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
මන්ත‍්‍රීවරයා මේ් බව සදහන් කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ජනාධිපතිවරණය ජයගත හැකි එකම නායකත්වය චමල් රාජපක්ෂ මහතා පමණක් බවයි මන්ත‍්‍රීවරයා එහිදී කියා සිටියේ.