කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා කියා සිටියේ ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිතුමා ඒ බව නිල වශයෙන් දැනුම් දුන් බවයි. උන්වහන්සේ ප‍්‍රතිකාර ලබන පෞද්ගලික රෝහලේ බිල්පත ද මේ වන තෙක් තමන් වෙත ලැබී නොමැති බවයි ජනාධිපතිතුමා එහිදී සදහන් කර ඇත්තේ.
කතරගම කිරිවෙහෙර පුදබිමේදී පසුගියදා එල්ලවූ වෙඩි ප‍්‍රහාරයකින් කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමි නමක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.