කොළඹ ප‍්‍රදේශ කිහිපයක් හරහා හමා ගිය තද සුළං හේතුවෙන් හානි වූ නිවාස සදහා වන්දි ලබා දීම ආරම්භ කර තිබෙනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ විපතට පත් වුවන් සදහා මුලික වන්දි මුදලක් ලබා දුන් බවයි. තක්සේරු කිරීම් වලින් අනතුරු සෙසු මුදල ලබා දීමට නියමිතයි.
කොළඹ ප‍්‍රදේශ කිහිපයක් හරහා අද උදෑසන හමා ගිය තද සුළගින් නිවාස 264 කට හානි සිදු වුණා. වැඩිම නිවාස හානි සංඛ්‍යාවක් වාර්තා වුනේ හෝමාගම ප‍්‍රදේශයෙන්. එම ප‍්‍රදේශයේ නිවාස 117 කට හානි සිදුව තිබෙනවා.
දෙහිවල කඩුවෙල රත්මලාන කැස්බෑව මොරටුව පාදුක්ක යන ප‍්‍රදේශ වල නිවාස රැුසකට ද හානි සිදුව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කලේ.
මේ අතර දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය ඉහළ යාමේ පවසනවා.
පුත්තලම සිය කන්කසන්තුරය හරහා ත‍්‍රිකුණාමලය දක්වා හා පොතුවිල් සිට මඩකලපුව දක්වා වන මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝ මීටර 65 ක් පමණ දක්වා ඉහළ යා හැකියි.
එවිට එම මුහුදු ප‍්‍රදේශ දැඩි ලෙස රලූ වීමේ අවදානමක් පවතින බැවින් ධීවර හා නාවික ප‍්‍රජාව මේ පිළිබදව අවදානයෙන් පසු විය යුතු බවයි කාලගුණ අංශ දැනුම් දෙන්නේ.
Siyatha Top Story | 04:00 PM | Editor : Nayomi Karunasinghe