News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

ඩෙංගු මදුරුවා සොයා දිස්ත්‍රික් 8 ක දැවැන්ත මෙහෙයුමක්.

916 Views


ඩෙංගු මදුරුවා සොයා දිස්ත්‍රික් 8 ක දැවැන්ත මෙහෙයුමක්.

දිවයිනේ දිස්ත‍්‍රික්ක 08 ක අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ කඩින් කඩ ඇති වන වර්ෂාවත් සමග යළි ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම අවම කිරීමේ අරමුණින්.

ඒ අනුව කණ්ඩායම් 880 ක සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම සිදු වනවා. පාසල් වැඩබිම් ආයතන කර්මාන්ත ශාලා හා ආගමික ස්ථාන මදුරු ඝණත්වය වැඩි පරිශ‍්‍ර ලෙසයි හදුනාගෙන ඇත්තේ.

පවතින තත්වය මත සෑම සතියකම විනාඩි 30 ක් මදුරුවන් බෝ වන ස්ථාන පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට පියවර ගන්නැයි දිවයිනේ සියලූ පාසල් වෙත දැනුම් දී තිබෙනවා.

ඩෙංගු රෝගය හේතුවෙන් වසරේ මේ දක්වා වූ කාලය තුළපුද්ලයින් 28 දෙනෙකු මියගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කලේ. මේ වසරේ ගත වූ කාලය තුළ දිවයිනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26 648 ක්. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වී ඇති අතර එම ගණන 4 744 ක් ලෙසයි දැක්වුනේ.

දින 03 කට වඩා උණ පවතියි නම් වහාම වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post