News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

කල්පිටියේ දෙදරු මවක් අතුරුදහන්.

466 Views


කල්පිටියේ දෙදරු මවක් අතුරුදහන්.

කල්පිටිය ප‍්‍රදේශයේ දෙදරු මවක් අතුරුදන් බවට කල්පිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අතුරුදහන්වී ඇත්තේ කල්පිටිය-කන්දකුලිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි දෙදරු මවක්.

පසුගිය 06 වැනිදා රාත‍්‍රියේ මීගමුව ප‍්‍රදේශයේ හෝටලයක පවත්වා ඇති සාදයකට සහභාගි වීම සඳහා මෙම කාන්තාව ඇයගේ දරුවන් සහ ස්වාමි පුරුෂයා සමඟ ගොස් තිබෙනවා.

සාදය 07 වැනිදා අළුයම දක්වා තිබී ඇති අතර සාදය අවසානයේදී තම බිරිඳ අතුරුදහන්වී ඇති බවයි ස්වාමි පුරුෂයා පොලීසියට පැමිණිලි කර ඇත්තේ. පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post