News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

මූලගිරි රාජ මහ විහාරස්ථානයේ නිධන් වස්තු කොල්ල කයි.

654 Views


මූලගිරි රාජ මහ විහාරස්ථානයේ නිධන් වස්තු කොල්ල කයි.

පැල්වත්ත හිගුරුකඩුව මාර්ගයේ පිහිටා ඇති මූලගිරි රාජ මහ විහාරස්ථානයේ හිටි පිළිමයේ ශීර්ෂය බිඳ එහි තිබූ නිධන් වස්තු කොල්ලකා තිබෙනවා. පසුව විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ කළ පැමිණිල්ලකට අනුව බුත්තල පොලීසිය විසින් මීට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඔක්කම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි හතලිස් දෙහැවිරිදි වියේ පසු වන පුද්ගලයෙක්. නිදන් වස්තු සොරකම් කර වැල්ලවාය ප‍්‍රදේශයේ රං භාන්ඩ වෙළඳසැලක් වෙත රුපියල් තිස් දහසක මුදලකට එවා අලෙවි කර ඇති බවයි සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ.

පසුව පොලිසිය විසින් අදාළ වෙළද සැලේ තිබී එම නිදන් වස්තු සොයා ගෙන තිබෙනවා. නිදන් වස්තු විකුණා ලබා ගත් තිස්දහසක මුදලෙන් දසදහසකම සැකකරු මත්පැන් පානය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post