News Line| Off Air| Games
Generic placeholder image

Jul
12

රියදුරු බලපත‍්‍ර ලබා ගැනීමේ ලිඛිත පරීක්ෂණය අද සිට ටච් ක‍්‍රමයට

455 Views


රියදුරු බලපත‍්‍ර ලබා ගැනීමේ ලිඛිත පරීක්ෂණය අද සිට ටච් ක‍්‍රමයට

රියදුරු බලපත‍්‍ර ලබා ගැනීමේ ලිඛිත පරීක්ෂණය සඳහා ටච් ක‍්‍රමය හෙවත් පරිගණක ස්පර්ශ තිර ක‍්‍රමය අද සිට ක‍්‍රියාත්මක බව මෝටර්රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කලේ මෙතෙක් පැවති පැරණි ක‍්‍රමය අනුව රියදුරු බලපත‍්‍ර ලබා ගැනීම සඳහා ලිඛිත පරික්ෂණයට පෙනී සිටි අයදුම්කරුවන්ට සිදු වු අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් එම පියවර ගත් බවයි.

ඒ අනුව ප‍්‍රථම අදියර යටතේ පරිගණක තිර 143 ක් සවිකර ඇති අතර වේරහැර කාර්යාලයේදී මෙම පහසුකම් ලබා ගත හැකි වනවා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 39 ක්.

ලබන වසරෙදි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශිය කාර්යාල 24 සඳහාම මෙම පහසුකම් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

නව රියදුරු බලපත‍්‍ර ලබා ගැනීමට ලිඛිත පරීක්ෂණය සඳහා දිනකට අයදුම්කරුවන් 3000 ක් පමණ කොළඹ ඇතුළුව දිවයින පුරා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු ශාඛා කාර්යාල වෙත පැමිණෙනවා. වේරහැර කාර්යාලය වෙත පමණක් දිනකට පැමිණෙන සංඛ්‍යාව 350කට ආසන්නයි.

Siyatha Top Story | 05:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post