News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

මරණ දඬුවම ගැන විද්වත් මත පළවෙයි.

597 Views


මරණ දඬුවම ගැන විද්වත් මත පළවෙයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය සදහා රටේ නීතිය ක‍්‍රියාත්මක කල යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල් කුඹුරේ ශ‍්‍රී විමලධම්ම හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප‍්‍රකාශ කලේ අද පස්වරුවේ මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් සිදු කරමින්.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටියදී තවදුරටත් එම ජාවාරම් වල නිරත සිරකරුවන්ට පොලිස් වාර්තා මත පදනම්ව මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම මගින් ඉදිරියේදී ගැටලූ රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බව බව ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා. එහි සභාපතී ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ බන්ධනාගාරගතව සිටියදී තවදුරටත් එම ජාවාරම් වල නිරත වන සිරකරුවන්ගේ වගකීම බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් භාර ගත යුතු බවයි.

මේ අතර මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කරන්නේ නම් එය වහා හකුලාගත යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය ප‍්‍රකාශ කරන්නේමරණ දඩුවම ක‍්‍රියාත්මක නොකිරීමට රජය ගෙන තිබූ තීරණයේ තවදුරටත් සිටිය යුතු බවයි. ලොව බොහෝ රටවල් මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති මොහොතක මෙරට යලි එම බිහිසුනු ක‍්‍රියා පිලිවෙත ක‍්‍රියාත්මක කිරීමට උත්සහ කිරීම කණගාටුවට කරුණක් බව එම නිවේදනයේ සදහන්.

SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post