News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

තායිලන්ත අගමැතිවරයා පිළිගැනීමේ උත්සවය ජනාධිපති කාර්යාලයේදී.

537 Views


තායිලන්ත අගමැතිවරයා පිළිගැනීමේ උත්සවය ජනාධිපති කාර්යාලයේදී.

දිවයිනට පැමිණි තායිලන්ත අග‍්‍රාමාත්‍ය ජෙනරාල් ප‍්‍රයුත් චන් ඕචා පිළිගැනීමේ රාජ්‍ය උත්සවය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යයාලයේදී පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.

තායිලන්ත විශේෂ ගුවන් යානයකින් අද පස්වරුවේ දිවයිනට පැමිණි තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා පිිළිගනු ලැබුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්
දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණියේජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයකට අනුවයි.

සංචාරය අතරතුරදී තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමා අග‍්‍රාමාත්‍යවරයා ඇතුලූ රජයේ ඉහළ පෙලේ නිළධාරීන් හමුවීමට නියමිතයි. එහිදී ශ‍්‍රී ලංකාව හා තායිලන්තය අතර පවතින සබඳතා වර්ධනය කිරීම සඳහා වන ද්වී පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති.

තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post