News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

පිටරට සල්ලි එක්ක 3 දෙනෙක් කටුනායකදී කොටු වෙයි.

727 Views


පිටරට සල්ලි එක්ක 3 දෙනෙක් කටුනායකදී කොටු වෙයි.

නීති විරෝධී ලෙස විදෙස් මුදල් තොගයක් දිවයිනෙන් රැගෙන යෑමට උත්සාහ කල පුද්ගලයින් තුන් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඩුබායි බලා යාමට අද ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේ දීයි. අදාළ පුද්ගලයින් පිළිබදව සැක සිතූ රේගු නිළධාරීන් ඔවුන්ගේ ගමන් මලූ පරීක්ෂා කර තිබුණා.

එහි තිබී ඇමරිකානු ඩොලර් යුරෝ හා සෞදි රියාල් නෝට්ටු සොයා බවයි රේගු නිළධාරීන් පැවසුවේ. එම මුදල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 05 ක්. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු හා ශ‍්‍රී ලාංකිකයෙක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post