News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

ගජමුතු සහිත අත් පළඳනාවක් විකිණීමට තැත් කල පුද්ගලයෙකු අත්අඩංගුවට.

654 Views


ගජමුතු සහිත අත් පළඳනාවක් විකිණීමට තැත් කල පුද්ගලයෙකු අත්අඩංගුවට.

ගජමුතු සහිත අත් පළදනාවක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු බේරුවල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බේරුවල පොලීසියට ලද තොරතුරකට අනුව කල වැටලීමකදීයි.

ගජමුතු සහිත අදාළ අත් පළදනාව අලෙවි කරන බවයට පොලීසියට තොරතුරක් ලැබී තිබුනා. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක වුනේ උපාය දූතයන් යොදා ගනිමින්,

අදාළ අත් පළදනාව මිළදී ගන්නා මුවාවෙන් ගිය පොලිස් නිළධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.අත්අඩංගුවට ගත් සැකකරුවන් බේරුවල ප‍්‍රදේශයේම පදිංචිකරුවන්.

ගජමුතු සහිත මෙම අත් පළදනාව රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අලෙවි කිරිමට සැකකරුවන් උත්සාහ කර තිබුණා. එහි ගජමුතු 13 ක් තිබූ බවයි පොලීසිය පැවසුවේ,


News Articles
Latest Videos
Most Popular Post