News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

බදුල්ල හල්දමුල්ල වන්ගෙඩිගල කන්දේ ගින්නට හසුවූ 10 දෙනා බේරා ගැනේ.

878 Views


බදුල්ල හල්දමුල්ල වන්ගෙඩිගල කන්දේ ගින්නට හසුවූ 10 දෙනා බේරා ගැනේ.

බදුල්ල හල්දමුල්ල වන්ගෙඩිගල කන්දේ ඇතිවූ ගින්නට හසුවූ පුද්ගලයන් 10 දෙනෙකුගේන් යුත් කදුනැගීමේ කණ්ඩායම මීට සුලූ මොහොතකට පෙර නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා.

ඒ යුධ හමුදාව පොලීසිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ හල්දමුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්්‍යාලයේ නිලධාරීන් එක්ව සිදු කල මෙහෙයුමකදීයි.

බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක එම් ඒ උදයකුමාර මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ එම කණ්ඩායමේ කිසිවෙකුට කිසිදු අනතුරක් නොමැති බවයි.

ඒ අනුව ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද එක්ව තවදුරටත් අඛණ්ඩව සිදු වනවා.

බදුල්ල හල්දමුල්ල වන්ගෙඩිගල කන්ද තරණය කිරීමට පැමිණි කදු නගින්නන් දස දෙනෙක් එම කන්දේ ඇතිවූ ගින්නකට හසුවුනේ අද පස්වරුවේදීයි.

එලෙස ගින්නට හසුවීමෙන් ගැටලූවකට මුහුණ දුන්නේ පිලියන්දල ප‍්‍රදේශයේ සිට පැමිණි පිරිසක්.

SIYATHA BREAKING NEWS | 04:45 PM


News Articles
Latest Videos
Most Popular Post